අද දවස පටන් ගත්තේම හරහට.
තාම පටන් ගත්තා විතරයි ඒ උනාට මගෙ හිතට මොකක්දෝ එකක් දැනෙනවා.
කොහෙ හරි හරි ඉන්න කාට හරි අපේ දවස මෙහෙම වෙනස් කරන්න පුළුවන්.....
එකක් සමහරවිට මම ඊයේ හදිස්සියෙන්ම හිතලා යන්න දාගෙන හිටපු week end tour එක අහෝසි වීම හින්ද මම ටිකක් නොරිසි වුනා. (මේ දවස් වල මට භැම දේකින්ම ඈත් වෙලා ඉන්න ඕනේ වගේ.) සතියේ වැඩ කරන දවස් වලට මේක කරන්න මට හැකියාවක් නෑ දැන්.
අන්තිමට ඊයේ රෑ නිදාගන්න ගියෙත් අවුලෙන්. මොනවා හෝ අස්සේ මම සන්සුන් වෙලා හිටියේ නෑ.
අද උදේ ඇඳෙ ඉඳන්ම ඊමේල් මැසේජස් දකිනකොට එක මැසේජ් එකක් තිබ්බා ඩොකියුමන්ට් එකක් ගන්න අද දවල් එන්න පුළුවන් කියලා. ඒත් පේමන්ට්ස් ගැනවත් මොකුත් අහලා තිබ්බෙ නෑ.
( මේ ක්ලයන් මට මීට සති දෙකකට විතර කලින් කතා කරලා දැන් ඩොකියුමන්ට්ස් ගෙනත් දෙන්න පුළුවන් අහවල් වැඩේට කීවෙ හරියටම ඔබා නැති වෙච්ච දවසේ. එදා මම හිටපු මූඩ් එක අනුව මට වැඩ කරන්න උවවනාවක් තියා කිසිම දෙයක් තිබ්බෙ නෑ. ඉතින් මම මට අද නම් බෑ කීවම මෙයා කලේ ඊමේල් එකකින් ඩොකියුමන්ට් එවපු එක. ඒකත් කමක් නෑ කියමුකෝ. ඊට පස්සේ මම ඒ ඔෆීස් එකට ගිහින් ඒ ඩොකියුමන්ට් එකත් අරගත්තා. ඒ වෙලාවෙම අනිත් පැත්තට කෝල් එකක් දීලා මම ඒ ඩොකියුමන්ට්ස් ගත්තා ඇවිත් අරන් යන්න කියලත් කීවා. ඒ වෙලේම මම එයාට කීවා මේක හිතවත්කමක් මත වෙච්ච රාජකාරියක් නිසා ඒ වැඩේ කරපු කෙනාට ගිෆ්ට් එකක් දෙමු කියලා. මොකද අපි වගේ වැඩ කරන මිනිස්සු බොහෝ වෙලාවට යම්කිසි දේවල් කරන්නේ අපේ හිතවත්කම් උඩ. ඊට අමතරව ඉතින් ඒක මගෙත් රාජකාරියක් නේ. (මම පිං වලට සමාන වෙන්න වැඩ කරන්නේ නෑ.... හික්ස්...) (මම වෙනම චැරිටි කරනවා government welfare. ඒ හොඳටම ඇති.)
ඉතින් එයා ඔය කියන සිදුවීම වෙලා දවස් ගාණක් ගියත් මට කතා කලේ නෑ. ඩොකියුමන්ට් එක ගන්න ආවෙත් නෑ. අඟහරුවාදාද කොහෙද මට sms එකක් එවලා තිබ්බා එයාගේ ඩොකියුමන්ට්ස් ගැනයි එයාගේ පෞද්ගලික ජීවිතේ ගැනයි වෙන කාටද කියන්න එපා කියලා. ඒක නිකම් කියලා තිබ්බ විදියට මට මගෙ රතු කට්ටේ එහාම කෙලවරටත් ටිකක් එහාට ගියා. (කොටින්ම මෙහෙ ඉන්න ලංකාවේ මිනිස්සු එක්ක මට තියෙන්නේ කෘතීම සමබන්දයක්. ඒක මම කලිනුත් කීවා. යාළුවෙක් කියලා හිතන්න හැදුවත් ඒ අය එහෙම දේකට සපෝට් එකක් දෙන්නෙ නෑ. මට යාළුවෙක් කියන්නෙ මගේ දුකට සැපට හැමදේටම ඉන්න මිනිස්සු. (මේක මගෙ පැත්තෙන් ඕනෙවටත් වඩා වෙන දෙයක් හින්දා මම ඒ විදියටම නොවුනත් අඩු තරමේ අපේ දුකක් කඳුලක් බෙදාගන්න එක හරි බොහොම අගේ කරනවා මගෙ යාළුවන්ගෙන්.) එහෙම නොවුනම ඉතින් ඒක යාළුකමක් වෙන්න බෑ නේ.
ඉතින් මම ඒකට රිප්ලයි කලේම හොඳටම තරහින්. අඩු ගානේ මේ අය කාටද මේවගේ දේවල් කියන්නේ කියලාවත් හිතන්න එපැයි? කොටින්ම වචන කිහිපයකින් වෙඩි වගේ.... ඒකට ආවේ බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් උත්තරයක් එක්ක සමාව වගේ එකක් ඉල්ලලා. එයිට වඩා දෙයක් ප්‍රෙටෙන්ඩ් වෙන්න බැරි නිසා ඕකේ කියලා එතනින් කතාව ඉවර වුනා.
ඒත් මෙයාට අර මම කරපු document වැඩේ ගැන අහන්න මතක තිබුනේ නෑ. මට ඒකට කීයක් වියදම් වුනාද ඒකට ස්තුතියි කියන්නවත්. කොටින්ම මම ලංකාවේ මිනිසුන්ට වැඩ කරන්න කැමති නැත්තේ ඕක තමයි. ඊට පස්සේ අර පොලට ගිහින් වගේ අනේ ගාන අඩු කරන්න වගේ මෝඩ කතා. අපි කෙනෙකුට මුදලක් කියන්නේ අපි කරන රස්සාවත් එක්කනේ. අපේ තියන professional value එකත් එක්කනේ. ඊට අමතරව ඕක යාළුවෙක් වගේ වුනාම නිකන්ම කරන අවස්ථාත් සාධාරන මුදලක් අය කරන්නත් අපි හුරු වෙනවා. ඔය වගේ බොහෝ දේවල් නිසා මම කොටින්ම ලංකාවේ අය එක්ක වැඩ කරන්න කැමති නෑ. ඊටත් වඩා වැඩ කලත් ඒක official සම්බන්දතා විතරමයි. කොහොමත් මේ ලංකාවේ මිනිස්සු යාළුවෝ වෙන්නේ නෑ. තමන්ගේ වැඩේ කර ගන්න දෙවියෝ අතේ ගෙනත් දීලා අන්තිමට ඔක්කොම අපිට ගේම් දෙන්නමයි ඉන්නේ. මට ඔය වගේ දේවල් හින්දා මගේ හොඳම යාළුවෙක් වෙලා හිටි කෙනෙක්ගේ මල්ලිත් සල්ලි දුන්නේ නෑ. කොටින්ම ඒ මනුස්සයා මගෙන් visa document එක ගන්න දවසෙත් කීවේ මට සල්ලි හම්බ වෙච්ච ගමන්ම දෙන්නම් කියලා. ඒත් කවදාවත් ඒ දවස ආවෙ නෑ. ඩොකියුමන්ට් එක දුන්නට පස්සේ මම නැට්ට අල්ලන්න්යැ. එතනින් එහාට මම කතා කලේ නෑ ඒ ගැන. ඒත් එකක් ඉගෙනගත්ත තමන්ගේ රටේ , තමන්ගෙ යාලුවෝ අරවා මේවා කියලා පිණට හෝ ණයට වැඩ කරන්න හොඳ නෑ කියලා. කොටින්ම මම දැන් ඩොකියුමන්ට් එකක් කාගේ හරි අතට දෙන්නේ ෆුල් පේමන්ට් එක ගෙවුනොත් විතරමයි.
අර ඉහත කියපු උදේ ආව මැසෙජ් එකට ඉතින් මම උත්තර දුන්නේ හරි සල්ලිත් ගේන්න. ( කියපු හේතුව තේරෙනවානේ.) අනිත් පැත්තෙන් හරි, කීයක්ද? මෙහෙන් මම 200ක්...... අනිත් පැත්තෙන් දෙවියනේ එච්චර ගාණක්? මෙහෙන් මම හරි. ඔයා ගිහින් කරගන්න. ආපහු අනිත් පැත්තෙන් කලින් පාර ඔයා මට ඒක කලේ 50නේ............. එතනින් එහාට මම ටෙක්ස්ට් කලේ නෑ....
මොනවා කියන්නද නේද? අන්තිමට යාළුකම වගේ එකකින් එහෙම කියනකොට....... හික්ස්.... කොටින්ම මෙයාගේ වීසා ඇප්ලිකේශන් දාන්න විතරමයි මම චාජ් කලේ. එයාගේ ඒ කාලේ ඒ පේපර්ස් තිබ්බ නිසා මම ඉතිරි දේවල් කරලා දුන්නේ ෆ්‍රී ඔෆ් චාජ්. ටිකක් උගත් වැදගත් පාටට හිටියම අපිත් ඉතින් ලංකාවේ කෙනෙක්නේ කියලා ඉබේම හිතලා ඔහොම විශේශ දේවල් කරනවානේ. කවුද හිතන්නේ ඒ වගේ අයත් අන්තිමට මෙහෙමයි කියලා.....!
බුරු බබෝ දැන්වත් හැදියන් කියලා කණට ගහලා උදේ පාන්දර මමම මට කීවා.
අපි කරන දේවල අගයක් නොතියෙන මිනිසුන්ට ඒ දේවල් කරන එක මහා පාපයක්. බොහෝ අයට මේ දේවල්/ සේවා සපයා ගන්නත් ඕනේ. ඒත් කරගන්න ඕනේ හිතවත්කමට. අපි රස්සාවක් කරන්නෙ ආසාවට ජීවත් වෙන්න නෙමෙයි වගේ...... මට ඒ මනුස්සයාට ඒ පේපර්ස් නොදී හිටියා කියලා පාඩුවක් වෙන්නේ නෑ. මගේ පැය කිහිපයක( උදේ වරු 2ක් )කාලේ නාස්ති වුනා. මගේ හිතවතෙක්ගෙන් උදව්වක් ගත්තා. ඒ මනුස්සයාට වයින් බෝතල් කිහිපයක් මගේ සල්ලි වලින් ගිහින් දෙනවා ඒක වෙනම එකක්. ඒත් ආපහු ඒ ගැන ඩිස්කස් කරන්න මට උවමනාවක් නෑ....කොටින්ම හැමෝම මෙහෙම නෑ ලංකාවේ වුනත්. මගේ සමහර ක්ලයන්ලා මම ගාවට එන්නේ මම ඕනේ එකක් කරලා කීයක් කිව්වත් ගෙවන්න බලාගෙන. ඒ මිනිසුන්ට ඕනේ reliable සර්විස් එකක්. (කොහොමත් මම මගේ කස්ටමර්ස්ලාට දෙන සේවාවක් ඒක.) (කොටින්ම මගේ ක්ලයන්ට් කෙනෙක් වුනාම ඒ අයගේ immigration ප්‍රශ්න ඉබේම මගේ ප්‍රශ්නත් වෙනවා .) බොහොමයක් අය මගෙන් සේවා ලබා ගන්න එන්නේ ඒවා හින්දමයි. සමහර අය වීසා එක අරන් ලංකාවෙන් එද්දි මට මොනවද ගේන්න ඕනේ කියලත් අහලා මම මොකුත් නෑ කීවම අනේ එහෙනම් මිස්ගේ මොනා හරි පාර්සල් තියෙනවා නම් යාළුවන්ට කියන්න කිලෝ දහයක් වුනත් කමක් නෑ ගෙනත් දෙන්න කියලා කියන අයත් මට ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ ළඟදි දවසක අවුරුද්දක් විතර මහන්සි වෙලා disable ළමෙක් ඉන්න පවුලක් මෙහෙට ගන්න ඩොකියුමන්ට් හදලා එයාලා මෙහේ ආවම ඒ අයගේ ආර්ථික ප්‍රශ්න මත වෙල්ෆෙයා හදලා දෙන්න දාලා මෙඩිකල් ජජ්මන්ට් එකට මම ගිය දවසේ එයාලා මට සල්ලි දුන්නම මම හිනා වෙලා රිජෙක්ට් කරාම ඒ අය කීවේ ඔයා කෝපි එකක්වත් බීවේ නෑ. අද දවසේ ඔයා වෙන කොහෙවත් වැඩ කලේත් නෑ නේ සල්ලි ගන්නැති එක අපිට අපහසුවක් කියලා. ඒත් ඒ මිනිසුන්ගේ අහිංසකකම ඉදිරියේ මම එයිට වඩා දෙයක් වුනත් කරන බව මම දන්න හින්දා මම හිනා වෙලා ගෙදර ආවා. ඒ විතරක් නෙමෙයි මේ දවස් වල මම වැඩ කරන සිස්ටම් එක අවුල් වුනා මේ මළගෙවල් අරවා මේවා හින්දා. එක දවසක් මේ අඟරුවාදද කොහෙද මගේ ක්ලයන් කෙනෙක් දවල් කතා කරලා ඔයා හවසට ගෙදර ඉන්නවද මම හවස ඔහේ එන්න ඉන්නේ කියලා මම දුවන්න යනවා රෑ වෙලා ගෙදර එන්නේ කීවම අනේ මම මේ ආප්ප හදන්න ලෑස්ති කරලා තියෙන්නේ ඔයාට ගේන්න කීවම දුවවට මගේ ආප්ප ආසාව මතක් වෙලා මම ගෙදර ඉන්නම් කීවා. මගේ ඉටෑලියන් යාළුවෙක් තමයි එයාට කියලා තියෙන්නේ බුරු බබා ලංකාවේ කෑම කන්න ආසා වුනාට හදා ගන්න දන්න කෙනෙක් නෙමෙයි. මේ දවස් වල මම දුකින් ඉන්නේ කියල මොකක් හරි කතාවකදි. ඒ ගර්ල් ආප්ප ගෙනාවම ඇත්තටම මට දුකත් හිතුනා. බොහොම අමාරුවෙන් මහන්සිවෙලා රස්සාවක් කරලා ගෙදර ගිහින් ආපහු මම වෙනුවෙන් මහන්සි වෙලා ආප්පත් හදලා. ( ආප්ප දැක්කොත් ඉතින් බුරු බබා ඕනේ දෙයක් කරයි..... හා හා හා...... ) ඒ වගේ මිනිස්සුත් මෙහේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඕනෙම ජොබ් කන්ට්‍රැක් එකක් සයින් කරන්න කලින්, හවුසින් කන්ට්‍රැක් එකක් සයින් කරලා අපිට මේක අපේ කන්සල්ටන්ට් පෙන්වලා මිසක් අත්සන් කරන්න බෑ කියලා මට පෙන්වලා මිසක් කිසිම දෙයක් නොකරන මිනිස්සුත් ඕනෙ තරම්.
සමහරු අපිව අවුල් ක්ශණයකින් අවුල් කරනවා වගේම සමහරු බොහොම හිතවත්ව ආදරෙන් අපේ හිත සනසනවා.........
බලාගෙන ගියාම ලෝකෙ කොහෙත් එක එක විදිහේ මිනිස්සු.........






